හවායි හි ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 67ක් දක්වා ඉහළට

හවායි හි ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 67ක් දක්වා ඉහළට

හවායි හි ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 67ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලැව්ගිනි දරුණු සන්ධිස්ථානයකට ළඟා වී ඇති අතර එය ප්‍රාන්ත ඉතිහාසයේ සිදුවූ දරුණුතම ව්‍යසනය බවයි එරට බලධාරීන් සඳහන් කරන්නේ.

තවත් සිය ගණනක් අතුරුදන් වී ඇති අතර එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකියි.

ඓතිහාසික නගරයේ බොහෝ ප්‍රදේශ විනාශ කරමින් මේ සතිය මුලදී ගිනිදැල් වේගයෙන් හමා ගිය පසු ප්‍රථම වතාවට රාජ්‍ය නිලධාරීන් ඊයේ(11) එම ප්‍රදේශයේ පදිංචිය පිළිබඳ සාක්ෂි සහිත පුද්ගලයින් සඳහා ලහයිනා ප්‍රදේශය නැවත විවෘත කර තිබෙනවා.

බටහිර මවුයි හි තවමත් විදුලිය හා ජලය නොමැති අතර ලැව් ගින්නෙන් විපතට පත් වූවන් සෙවීමේ කණ්ඩායම් තවමත් ප්‍රදේශයේ එම ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරත වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This