හානිපූරණ කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්  සේපාලිකා සමන් කුමාරි අත්අඩංගුවට

හානිපූරණ කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සේපාලිකා සමන් කුමාරි අත්අඩංගුවට

හානිපූරණ කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක (අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දූෂණ හා දේපළ පනත යටතේ සාපරාධී සාවද්‍ය පරිහරණයට ආධාර අනුබ දීම යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කොමිසම පවසන්නේ මොණරාගල හිටපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ යන අයට විෂයගත දේපළ රජයේ දේපළක් (ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු දේපළක්) බැවින් එම දේපළට වන්දි ගෙවීම 2022-05-22 දින අමාත්‍ය මණ්ඩලය මගින් පත්කර ඇති විශේෂ නිලධාරී කමිටුව මගින් සහ 2023 -11-01 දින හානිපූරණ පිළිබඳ කා‍ර්යාලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලිඛිතව ප්‍රතික්ෂේප කිරීමෙන් පසු සැකකාරිය රු.8,850,000/-(රුපියල් අසූ අටලක්ෂ පනස් දහසක) මුදලක් ගෙවීම සඳහා අනුමැතිය 2024.01.26 දින අනුමත කිරීම තුලින් එම මුදල් ගෙවීම සඳහා හානි පූරණ පිළිබඳ කා‍ර්යාලයේ නිලධාරීන් පෙළඹවීමෙන් දූෂණය නමැති වරද හා පොදු දේපළ පනතේ ශාපරාධී සාවද්‍ය පරිහරණය යන වරද සිදු කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ මෙම අත් අඩංගුවට ගැනීම කළ බවයි.

හානි පූරණය පිළිබඳ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ලෙස ඒ පිළිබඳව ලිඛිතව උක්ත අමාත්‍යවරයා වෙත 2023-11-27 දැනුම් දීමෙන් අනතුරුව ඔහු විසින් 2023-12-26 දිනැතිව සැකකාරිය වෙත යොමුකර ඇති ලිපිය අනුව ,ඇය විසින් අධ්‍යක්ෂ මණ්ඩලයේ නිසි අනුමැතියකින් තොරව 2024-01- 22 දින ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල වෙත ලිපියක් යොමුකර මනෝජ් හේමලාල් ඒකනායක යන අයට මූල්‍ය සහන ලබාදීම සඳහා එකඟතාව ඉල්ලා ලබාගෙන අදාල වන්දි මුදල ලබාදීමට කටයුතු කර තිබුණා.

එම චෝදනා මත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ වර්තමාන අතිරේක ලේකම් ලෙස සේවය කරන රාජපක්ෂ පතිරගේ සේපාලිකා සමන් කුමාරි අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාවේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්ත කිරීමට නියමිතව තිබෙනවා.

 

 

Share This