හැමිල්ටන් ඇල “මොඩිෆයිව්” කරන්න යයි

හැමිල්ටන් ඇල “මොඩිෆයිව්” කරන්න යයි

අභාවයට ගොස් ඇති හැමිල්ටන් ඇල නැවත ප්‍රතිසංස්කරණය කොට සංචාරක ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා යොදා ගැනීමට සැලසුම් කරමින් සිටින බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.

ඒ මහතා මේ අදහස් පළ කළේ ඊයේ හැමිල්ටන් ඇල ආශ්‍රිත ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

පෘතුග්‍රීසීන් විසින් ඉදිකිරීම් ආරම්භ කළ හැමිල්ටන් ඇල හෙවත් ඕලන්ද ඇල වසර 250කට අධික කාලයක සිට මෙරට ඉතිහාසයේ භාණ්ඩ ප්‍රවාහනයට සෘජු දායකත්වයක් සපයා තිබුණා.

ඕලන්ද ජාතිකයින් කල්පිටිය, පුත්තලම, මීගමුව ආදී ප්‍රදේශවලින් එකතුකොටගත් වෙළෙද භාණ්ඩ ප්‍රවාහනය කොට ඇත්තේ මෙම ඇල මාර්ගය ඔස්සේයි.

මෙරට ආර්ථිකයට මහඟු සේවයක් සිදුකළ හැමිල්ටන් ඇල අද වන විට සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබෙනවා.

 

Share This