හැරී කුමරු එක්සත් ජනපදයේ සිට ලන්ඩනයට පැමිණෙයි

හැරී කුමරු එක්සත් ජනපදයේ සිට ලන්ඩනයට පැමිණෙයි

හැරී කුමරු එක්සත් ජනපදයේ සිට ගුවන් යානයකින් පසු ලන්ඩනයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

75 හැවිරිදි චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බවත්, ප්‍රතිකාර සඳහා මහජන රාජකාරිවලින් ඉවත් වන බවත් බකිංහැම් මාලිගය විසින් මීට පෙර නිවේදනය කරනු ලැබුවා.

මෙය නිවේදනය කිරීමට පෙර රජුගේ පුතුන් දෙදෙනාටම රෝග විනිශ්චය පිළිබඳව දැනුම් දී ඇති බවද සඳහන්.

ඊයේ (06) ලන්ඩනයේ පිහිටි ඔවුන්ගේ නිවස වන ක්ලැරන්ස් හවුස් වෙතින් පිටත්ව යන විට රජු සහ රැජින සිනහවෙන් හා ජනතාවට අතවනමින්පිටව ගිය බවයි වාර්තා වන්නේ.

රජු සැන්ඩ්‍රින්හැම් වෙත පිටත්ව යාමට පෙර චාල්ස් සහ හැරී කුමරු සමග මිනිත්තු 45 ක් පමණ හමුවූ බවද සඳහන් වනවා .

 

Share This