හිටපු අගමැතිනී ෂෙයික් හසීනාගේ පියාගේ නිවසට ගිනි තබයි

හිටපු අගමැතිනී ෂෙයික් හසීනාගේ පියාගේ නිවසට ගිනි තබයි

බංග්ලාදේශ ඩකා හි පිහිටි හිටපු අගමැතිනී ෂෙයික් හසීනාගේ පියාට අයත් නිවස ගිනි තබා විනාශ කර තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ 1971 දී පාකිස්ථානයේ රට නිදහස ලබා ගැනීමට නායකත්වය දුන් හසීනාගේ අභාවප්‍රාප්ත පියා වන ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ නිවහනට මෙලෙස ගිනි තබා ඇති බවයි

මෙම නිවස කෞතුකාගාරයක් ලෙස සංවර්ධනය කර තිබී ඇති අතර මෙලෙස නිවසට ගිනි තබා තිබුණේ හසිනා පවුලට එරෙහිව විරෝධතාවක නිරත වූ පිරිසක්

එමෙන්ම හසීනාගේ අවාමි ලීග් ආධාරකරුවන්ට අයත් නිවාස සහ ව්‍යාපාර ද ඔවුන් මෙලෙස ඉලක්ක කර හානි කර ඇති බව සඳහන්

බංග්ලාදේශ ශිෂ්‍ය ක්‍රියාකාරී විරෝධතා හමුවේ පසුගිය අගෝස්තු මාසයේදී ෂෙයික් හසීනා ඉන්දියාවට පලා ගියා

Share This