
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මේ මස 18 තෙක් රිමාන්ඩ්
අද පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් නියෝග කර තිබෙනවා.
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසමට පැමිණියේ අද උදෑසනයි.
ඒ 2015 වසරේදී ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හා විශේෂ ව්‍යාපෘති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිදු ගොවීන්ට සහන මිලකට ලබාදීම සඳහා රජයේ වියදමින් රැගෙන ආ රුපියල් මිලියන 25 ක බඩඉරිගු බීජ නියමිත ක්‍රමවේදය මගහරිමින් තම බලය භාවිත කර දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් බෙදාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහායි.
ඒ අනුව එම බීජ අවිධිමත් ලෙස තම දේශපාලන හිතවතුන්ට බෙදාදීමෙන් රජයට පාඩුවක් සිදුවී ඇති බව පවසමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගත්තා.
මේ අතර ඉකුත් අප්‍රේල් මස දෙවැනිදා එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ බිරිද සහ සහෝදරයා වන එස්.එම්. රංජිත් ද අල්ලස් කොමිසම පැනවූ නඩුවකට කොළඹ මහාධිකරණය හමුවේ වරදකරුවීමෙන් වසර 16 ක සිර දඬුවම් නියම වුණා.