
හිටපු ඇමති ටිරාන් හෙට CIDයට?
හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.
ඒ අනුව හෙට (31) දිනයේ ඔහු එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිත බවයි වාර්තා වන්නේ.
2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසලදි සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අදාළ කැඳවීම සිදුකර ඇති බව සඳහන්.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.