හිටපු ඇමති දුමින්ද දිසානායක ජූනි 26 දක්වා යලි රිමාන්ඩ්

හිටපු ඇමති දුමින්ද දිසානායක ජූනි 26 දක්වා යලි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ජූනි 26 දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද නියෝගකලා.

අද (19) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියටයි දුමින්ද දිසානායක මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ.

කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී රන් පැහැ ගැන්වූ T56 ගිනි අවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මැයි මස 23 වැනිදායි.

මීට පෙර එම ගිනිඅවිය රැගෙන ආ බවට චෝදනා එල්ල වූ සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු සැකකරුවන් සිව් දෙනා අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.

 

 

Share This