හිටපු ඇමති මර්වින් ගේ අයථා වත්කම් ඉපයීමේ නඩුව සැප්. 24 දා

හිටපු ඇමති මර්වින් ගේ අයථා වත්කම් ඉපයීමේ නඩුව සැප්. 24 දා

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ අවදියේ අයථා ලෙස වත්කම් අත්පත් කරගත් බවට චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් මස 24 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා අද(28) නියෝග කළා.

කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේ දී විත්තිකාර මර්වින් සිල්වා මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා.

එහිදී දෙපාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම නඩුව පූර්ණ නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා යොමු කරන ලෙසයි.

ඒ අනුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා සැප්තැම්බර් මස 24 වැනිදා කැඳවන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

2010 වසරේ සිට 2012 වසර දක්වා කාල සීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 150 කට ආසන්න වටිනාකමකින් යුත් දේපොළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර තිබෙනවා.

Share This