
හිටපු ඇමති රාජිතට ඇප
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අද අධිකරණයෙන් ඇප හිමි වුණා.
ඒ මුදලින් රුපියල් 50000 මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ පහ (05) බැගින් ශරිර ඇප තුනක් මතයි.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේ.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේ.
නියෝගයට අනුව රාජිත සේනාරත්න මහතාගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියෝගකළ බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.