හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් CID ය වෙත

හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් CID ය වෙත

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

ඒ ඔහු ක්‍රීඩා අමාත්‍ය ධුරය දරන සමයේ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයට පත්කරනු ලැබූ නිසාම් ජමාල්ඩීන්ට අයත් මාතර වැලිගම W -15 හෝටලයේ වෙඩි තැබීම සම්බන්ධ විමර්ශනවලට අදාළවයි.

එහිදී හිටපු අමාත්‍යවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ක්‍රිකට් පාලක මණ්ඩලය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මුදල් ගෙවා ඇත්ද යන්න විමසා ඇති බව සඳහන්.

Share This