
හිටපු ජනපති මහින්දගේ ප්රධාන ආරක්ෂක නිලධාරි නෙවිල් වන්නිආරච්චි ඇප මත මුදාහරී
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්රධාන ආරක්ෂක නිලධාරි ලුතිනන් කර්නල් (විශ්රාමික) නෙවිල් වන්නිආරච්චි රුපියල් 50,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට අධිකරණය අද (31) නියෝග කළා.
උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි ලෙසින් මිලියන 28කට අධික වත්කම් උපයා ගෙන ඇතැයි කියන සිද්ධියට අදාලවයි නෙවිල් වන්නිආරච්චි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේ.
නෙවිල් වන්නිආරච්චි මුදාහැරීමට නියෝගකළ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම ඔහුගේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් ද නිකුත්කර ඇති බවයි වාර්තාකරු සඳහන් කළේ.
අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරීන් සඳහන් කර සිටියේ, සිද්ධියට අදාළව සැකකරුගේ භාර්යාවගෙන් ප්රකාශ ලබා ගැනීමට නියමිතව ඇති අතර මේ වන විට සිද්ධියට අදාළ සැකකරුගෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කාලය තුළ ප්රකාශ 14ක් පමණ ලබාගෙන ඇති බවත් අල්ලස් කොමිසම අණාවරන කරනවා.
නඩුව යළි 2026 ජනවාරි මස 16 කැඳවන ලෙස ද අධිකරණයෙන්නි යෝග නිකුත් කෙරුණා.

