හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂාව ගැන පොලීසිය කියන කතාව

හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂාව ගැන පොලීසිය කියන කතාව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් අනුයුක්ත කර තිබූ ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ ආරක්ෂාව ඊයේ (06) සිට ක්‍රියාත්මක වන පරිදි වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අනුයුක්ත කර තිබෙනවා.

ඒ, අනුව රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන්නේ හිටපු ජනපතිවරයෙකුට ලැබෙන ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ ආරක්ෂාව බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 50 දෙනෙකු ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් තවදුරටත් එළෙසම කටයුතු කරන බව සඳහන්.

මේ දක්වා හිටපු ජනපතිවරුන් 7 දෙනෙකු සඳහා එවැනි ආරක්ෂක ඒකක 7ක් පිහිටුවා ආරක්ෂාව ලබා දී තිබෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.

Share This