
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප… රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප 3ක්…
පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය විසින් මීට සුළු වේලාවකට පෙර නියෝග කළා.
මෙලෙස ඒ මහතාට ඇප ලබා දුන්නේ ඒ මහතාගේ වර්තමාන සෞඛ්‍ය තතත්වය සලකා බැලීමෙන් අනතුරුවයි.
ඒ අනුව රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප 3ක් මත රනිල් වික්‍රමසිංහ මහතා මුදා හැරීමටයි නියෝග කෙරුණේ.
මෙම නඩුව කැඳවුවද හිටපු ජනාධිපතිවරයා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බැවින් ඔහු සම්බන්ධකර ගනු ලැබුවේ සූම් තාක්ෂණය ඔස්සේයි.
අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේ විශාල පිරිසක් අධිකරණ භූමිය තුළ මෙන්ම අධිකරණ පරිශ්‍රයෙන් පිටතත් රැඳී සිටියා.