හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කරන ගැසට්ටුව එයි

හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කරන ගැසට්ටුව එයි

හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි, 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.

ඒ අනුව, එහි දැක් වෙන්නේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියෝගය පරිදි මෙම පනත් කෙටුම්පත ගැසට් කර ඇති බවයි.

එම පනත් කෙටුම්පත අනුව හිටපු ජනාධිපතිවරයකුට හෝ වැන්දඹුවකට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද මාසික දීමනාව, හිටපු ජනාධිපතිවරයකුට හෝ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවකට ගෙවන ලද මාසික ලේකම් දීමනාව, ප්‍රවාහන සහ වෙනත් පහසුකම් සහ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවකට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුප යනාදිය ඉවත් කිරීමට නියමිතයි.

හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවී තිබුණා.

 

Share This