හිටපු ජනාධිපති මහින්දගේ විජේරාම නිවසේ විදුලි හා ජලය කැපීමේ සූදානමක්

හිටපු ජනාධිපති මහින්දගේ විජේරාම නිවසේ විදුලි හා ජලය කැපීමේ සූදානමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පදිංචිව සිටි කොළඹ විජේරාම මාවතේ නිවසේ විදුලි හා ජල බිල්පත් හිඟයක් පවතින බව වාර්තා වනවා.

මේ හේතුවෙන් විදුලි හා ජල සම්පාදන සම්බන්ධතා විසන්ධි කිරීමට සූදානම්ව සිටි බවටයි තොරතුරු වාර්තා වන්නේ.

රුපියල් ලක්‍ෂයක හිඟ විදුලි බිල්පත් ඇති නිසා විදුලි බල මණ්ඩලය මෙසේ විදුලිය විසන්ධි කිරීමට සූදානම්ව තිබෙනවා.

එමෙන්ම රුපියල් ලක්‍ෂ 6ක හිඟ ජල බිල්පත් ඇති බවයි ජල සම්පාදන හා පලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පවසන්නේ.

මහින්ද රාජපක්‍ෂ මහතා මෙම නිවසින් ඉවත්ව ගියත් තවමත් නිවස නිල වශයෙන් භාරදී නොමැති නිසා එම දිනය දක්වා විදුලි සහ ජල බිල්පත් ගෙවීමට සිදු වනවා.
මේ හේතුවෙන් ඉතා ඉක්මනින් එම නිවස භාර ගැනීමට කටයුතු කරන ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශ්වය ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වනවා.

Share This