
හිටපු ජනාධිපති මෛත්‍රීපාල ගේ කතාවට දිඹුලාගල හිටපු සේනාසනාධිපති අභියෝග කරයි (VIDEO)
දිඹුලාගල නාහිමියන්ගේ ඝාතනය සිදුකළේ කවුරුන්දැයි යන්න විශේෂ කොමිසමක් හමුවේ හෙළිකරන ලෙස තමන් කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ හිටපු සේනාසනාධිපති පූජ්‍ය සිංහපුර චේතියාලංකාර හිමි ඊයේ පැවසුවා.
උන්වහන්සේ මේ ඉල්ලීම සිදු කළේ ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ පැවති ආගමික උත්සවයකදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙන්.
ඓතිහාසික දිඹුලාගල ආරාණ්‍ය සේනාසනයට සිව් දිශාවෙන් දානය පිරිනමන කාරකාදීන් ඇගයීමේ උත්සවයක් දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමිගේ අනුශාසකත්වයෙන් පැවැත්වුණා.
එම අවස්ථාවට මහා සංඝරත්නය, කථානායක ජගත් වික්‍රමරත්න, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කතාවෙන් පසුව ප්‍රකාශයෙන් අනතුරුව වේදිකාවට පැමිණි දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ හිටපු සේනාසනාධිපති පූජ්‍ය සිංහපුර චේතියාලංකාර හිමි මෙලෙස ආන්දෝනාත්මක ප්‍රකාශයක් සිදුකළා.
