හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ වයි.ජී. පද්මසිරි අභාවප්‍රාප්ත වේ

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ වයි.ජී. පද්මසිරි අභාවප්‍රාප්ත වේ

1988 සිට 2010 දක්වා වසර 25 කට වැඩි කාලයක් සබරගමු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු , පළාත් සභා අමාත්‍යවරයකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ වයි.ජී. පද්මසිරි මහතා අභාව ප්‍රාප්තවී තිබෙනවා.

ඒ මහතා 2010 සිට 2015 දක්වා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළා.

ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කිරීමට මෙන්ම, පෙර පාසල් ප්‍රඥප්තියක් හඳුන්වාදී පෙර පාසල් ගුරුවරුන් විශ්වවිද්‍යාල පුහුණුවක් ලැබූවන් බවට පත්කොට අධ්‍යාපන ප්‍රඥප්තියක් සැකසීමටද ඔහු දැක් වූ දායකත්වය කැපී පෙනෙනවා.

වයි.ජී. පද්මසිරි මහතා දේශපාලනඥයෙක්ම මෙන්ම සමාජ සේවකයකු ලෙස ද ප්‍රකටයි.

1950 දෙසැම්බර් 31වෙනි දින උපත ලබා ඇති ඒ මහතා මියයන විට වයස අවුරුදු 75 ක්.

කළක් රෝගාතුරව සිට අභාවප්‍රාප්ත වූ ඒ මහතා ගේ දේහය මේ වන විට අංක 11,රුවන් වැල්ල නිවසේ තැන්පත් කර ඇති ඒ මහතා ගේ දේහය පිළිබද අවසන් කටයුතු සැප්තැම්බර් මස 29 වැනිදා රුවන්වැල්ල එන්.එම්.පෙරේරා අනුස්මරණ භූමියේදී සිදු කිරීමට නියමිතයි.

Share This