
හිටපු පළාත් සභා මන්ත්‍රී ඉනිය භාරතී අත්අඩංගුවට
කරුණා අම්මාන්ගේ සහ පිල්ලෙයාන්ගේ සමීපතමයෙකු මෙන්ම කළක් එල් ටී ටී ඊ සංවිධානයේ ප්‍රාදේශීය නායකයෙකු ලෙසද ක්‍රියා කළ ටී.එම්.වී.පී හිටපු පළාත් සභා මන්ත්‍රී ඉනිය භාරතී නැමැත්තා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තා.
දැනට අත්අඩංගුවේ පසුවන ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සිදු කළ ප්‍රකාශයක් පදනම් කර ගෙන මේ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා 2006 වසරේ අතුරුදන් වීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මේ වන විට රහස් පොලිස් අත්අඩංගුවේ පසුවනවා.
රහස් පොලිසිය රැඳවුම් නියෝග මත ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරන අතර එහිදී අනාවරණ වූ තොරතුරු මත ටීඑම්වීපී පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස කටයුතු කළ නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන කේ. පුෂ්පකුමාර් හෙවත්, ඉනිය භාරතී යන අයද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු එල්ටීටීඊ සංවිධානයේ ඉදිරි පෙළ නායකයෙකු ලෙස කටයුතු කර ඇති බවද, ත්‍රස්තවාදය පැවැති සමයේ පුද්ගලයින් පැහැරගැනීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.