
හිනිදුම වෙඩිතැබීමකින් තිදෙනෙක් මරුට
හිනිදුම මහාබෝධිවත්ත ප්රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා
පොලිසිය පැවසුවේ නවාතැන්පොලකට යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එහි හිමිකරු ඇතුළු තවත් පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා පලා ගොස් ඇති බවයි
වෙඩි වැදුණු පුද්ගලයින් තිදෙනාම එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි