හිලරි නිසා මිලියන 26 ක ජනතාවකට ගංවතුර අනතුරු ඇඟවීම් – අමෙරිකානු ජනපතිගෙන් ආධාර නිකුත් කිරිමට නියෝග

හිලරි නිසා මිලියන 26 ක ජනතාවකට ගංවතුර අනතුරු ඇඟවීම් – අමෙරිකානු ජනපතිගෙන් ආධාර නිකුත් කිරිමට නියෝග

දකුණු කැලිෆෝනියාව හරහා හිලරි නිවර්තන කුණාටුව හමා යාමෙන් පසු මිලියන 26 ක ජනතාවක් ගංවතුර අනතුරු ඇඟවීම් යටතේ සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා

වසර 84 කට පසු ප්‍රාන්තයට බලපෑ පළමු කුණාටුව මෙය බවයි පැවසෙන්නේ

වාර්තාගත වර්ෂාවෙන් ලොස් ඇන්ජලීස් සහ පාම් ස්ප්‍රින්ග්ස් සහ ඩෙත් නිම්නය වැනි කාන්තාර ප්‍රදේශ ගංවතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ජනාධිපති ජෝ බයිඩන් ෆෙඩරල් ආධාර නිකුත් කිරීම සඳහා නියෝග කර ඇති බවද සඳහන්

දකුණු කැලිෆෝනියාවේ නායයෑම්, ගස් කඩාවැටීම් සහ ජලයෙන් යට වූ නිවාස වාර්තා වී තිබෙනවා

මේ අතර පාසල් වසා දමා ඇති අතර ගුවන් ගමන් රැසක්ද අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

පාම් ස්ප්‍රින්ග්ස් මුළු ඉතිහාසයටම වඩා පැයක් තුළ වැඩි වර්ෂාවක් ලැබේ

කැලිෆෝනියාවේ මෙතෙක් කිසිදු මරණයක් වාර්තා වී නොමැති නමුත් බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ කුණාටුව හේතුවෙන් ව්‍යසනකාරී සහ ජීවිත හානි සිදුවිය හැකි තරමේ ගංවතුර ඇති විය හැකි බවයි.

Share This