හෙට ඊටා ඇක්වාරිඩ්ස් උල්කා වර්ෂාවක්

හෙට ඊටා ඇක්වාරිඩ්ස් උල්කා වර්ෂාවක්

ඊටා ඇක්වාරිඩ්ස් (Eta Aquarids) උල්කාපාත වර්ෂාව හෙට (06) දින අලුයම 3.00ට නැගෙනහිර ක්ෂිතිජයේ කුම්භ තාරකා රාශිය අසල බැලීමෙන් නිරීක්ෂණය කළ හැකි බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශයේ පර්යේෂණ විද්‍යාඥයින් සඳහන් කරයි.

පැහැදිලි සහ අඩු ආලෝක දූෂණයක් සහිත රාත්‍රී අහසක් ඇති ප්‍රදේශවලට පැයකට උල්කා 40-85 අතර ප්‍රමාණයක් මෙහිද නිරීක්ෂණය කිරීමට හැකියාව තිබෙනවා.

එමෙන්ම හෙට දින අලුයම 4.00න් පසු උල්කාපාත වර්ෂාව ආසන්නයේ සෙනසුරු සහ සිකුරු ග්‍රහයන් දෙදෙනා මීන තාරකා රාශියේ දිස්වනු ඇති අතර ඒවාද නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින බව වාර්තා කරයි.

පෘතුවිය හේලිගේ වල්ගා තරුවේ සුන්බුන් හරහා ගමන් කරන විට වල්ගා තරුවේ කොටස් පෘථිවියේ වායුගෝලය සමඟ ගැටී මෙම දර්ශනීය ඊටා ඇක්වාරිඩ්ස් උල්කාපාත වර්ෂාව නිර්මාණයවේ.

Share This