
හෙට කණ්ඩායමට එක්වන මහීෂ් තීක්ෂණ
සැප්තැම්බර් 26 වැනිදා කණ්ඩායම සමග ඉන්දියාවට නොගිය මහීෂ් තීක්ෂණ හෙට (04) සංචිතයට එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.
බංග්ලාදේශයට එරෙහිව පැවැති පුහුණු තරගයෙන් පසු වම් වැලමිටට ඇති වූ අනතුරක් නිසා නායක දසුන් ශානක අද පැවති පෙරහුරු තරගයට සහභාගි වූයේ නැහැ.
එමෙන්ම පුහුණු තරගයේදී අනතුරට ලක්වූ කුසල් ජනිත් පෙරේරා ද මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබන අතර සුවය ලබමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
