
හෙට පැවැත්වෙන නිලවරණයෙන් අනිවාර්යෙන්ම ජය ලබනවා -ජස්වර් උමාර් කියයි-
හෙට (29) පැවැත්වෙන පාපන්දු නිලවරණයෙන් විශිෂ්ට ජයක් ලබා ගන්නා බව ජස්වර් උමාර් මහතා පවසනවා.
එමෙන්ම පාපන්දු නිලවරණයට තෙවන පාර්ශ්වයකින් බලපෑමක් එල්ල නොවනු ඇති බවට තමා විශ්වාස කරන බවයි ඔහු පවසන්නේ.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ලබාදී ඇති මාර්ගෝපදේශන අනුව නිලවරණය පැවැත්වීම තුළින් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට උපකාර ලබාගත හැකිවන බව ජස්වර් උමාර් මහතා පෙන්වාදෙනවා.
විශේෂයෙන්ම අන්තර්ජාතික පාපන්දු නිජෝජිතයින්ගේ නිරීක්ෂණය යටතේ පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට නියමිත අතර රන්ජිත් රොඩ්රිගෝ, දොස්තර මනිල් ප්‍රනාන්දු මහතා සහ තමා ඇතුළු කණ්ඩායමට අවශ්‍ය එකමුතුකමින් ශ්‍රි ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ඉහලට ඔසවා තැබීමට හැකි වන බවයි ඔහු පවසන්නේ.
ශ්‍රී ලංකාවට පනවා තිබූ ජාත්‍යන්තර තහනම පවා ඉවත් කරගනු ලැබුවේ මෙසේ එකමුතුවීමෙන් බව සඳහන් කරන ජස්වර් උමාර් මහතා බෙදී කටයුතු කිරීමෙන් කිසිදු ඵලක් නොමැති බැවින් අනෙක් පාර්ශවයටද තමන් සමග එකතු වී තවත් ජාත්‍යන්තර තහනමකට ලක් නොවී පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය උදෙසා වැඩ කිරීමට තමා ආරාධනා කරන බව ජස්වර් උමාර් ප්‍රකාශ කරනවා.
මේ වනවිට පවතින ලීග 67න් 59ක්ම තම පාර්ශ්වය සමග පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අත්වැල් බැදගෙන සිටින බවයි ජස්වර් උමාර් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
