හෙට මෙරටට එන ඉන්දීය නාවික යුද නෞකාව

හෙට මෙරටට එන ඉන්දීය නාවික යුද නෞකාව

ඉන්දීය නාවික හමුදාවේ ඉදිරිපෙළ යුධ නෞකාව වන INS මුම්බායි, තෙදින සංචාරයක් සඳහා හෙට (26) කොළඹ වරායට පැමිණීමට නියමිත බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් චාරිත්‍රානුකූලව පිළිගැනීමට නියමිත බවයි මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

INS මුම්බායි යනු ඉන්දීය නාවික හමුදාව සතුව පවතින විනාශකාරී යාත්‍රා අතරින් තෙවැන්න ලෙස සැලකෙන අතර එය එරටදී නිෂ්පාදනය කර 2001 වසරේදී නාවික හමුදාව සඳහා එක් කර තිබෙනවා.

එම නෞකාව මෙරටට පැමිණෙන පළමු අවස්ථාව මෙය වන බව සඳහන්.

INS මුම්බායි නෞකාව විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙහෙයවනු ලබන ඩෝනියර් සමුද්‍ර මුර සංචාර ගුවන් යානා සඳහා අත්‍යාවශ්‍ය අමතර කොටස් රැගෙන එනු ඇති.

මීට අමතරව නෞකාවේ කාර්ය මණ්ඩලය මෙරට නාවික හමුදා සාමාජිකයින් සමග පුහුණු සැසි කිහිපයකට සහභාගී වීමට නියමිත අතර අනතුරුව INS මුම්බායි නෞකාව ලබන 29 වනදා මෙරටින් පිටත්ව යාමට නියමිතයි.

Share This