
හෙට සිට ඇරඹෙන සාපෙළ විභාගය (VIDEO)
හෙට (16) සිට ආරම්භ වන මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 474,147 අයදුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.
ඉන් 398,182 දෙනෙකු පාසල් අපේක්ෂකයින් වන අතර පෞද්ගලික අපේක්ෂකයින් 75, 965 දෙනෙකු වන බවයි ඔහු සඳහන් කළේ.
විභාගය සඳහා කල් ඇතිව විභාග ශාලාව වෙත පැමිණෙන ලෙස විභාග කොමසාරිවරයා අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පළ කළ අදහස් පහතින්…