හෙට සිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම ඇරඹෙයි

හෙට සිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම ඇරඹෙයි

ඉදිරි මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (26) තැපැල් දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ. එල්. රත්නායක මහතා පැවසුවේ හෙට (27) සිට මෙම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම බෙදාහැරීම් කඩිනම් කිරීම සඳහා විශේෂ බෙදාහැරීමේ දින තුනක් ලෙස ඔක්තෝම්බර් මස 27, 31 සහ නොවැම්බර් මස 03 වන දිනයන් යොදාගන්නා බවද කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Share This