
හෙරොයින් ජාවාරම්කරුවන් පස් දෙනෙක්ට දුන් මරණ දඬුවම ස්ථිරයි
ශ්‍රී ලංකාවේ මහාධිකරණ ඉතිහාසයේ හෙරොයින් කිලෝ 152 යි ග්‍රෑම් 341 ජවාරම් කීරිම සම්බන්ධයෙන් මරණ දඬුවම ලබා දුන් ප්‍රථම නඩු තීන්දුව අභියාචනාධිකරණය විසින් ස්ථිර කර තිබෙනවා.
ඒ අනුව හෙරොයින් කිලෝ 152 ග්‍රැම් 341 ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජවාරම් කිරීම ඇතුළු චෝදනා තුනකට කොළඹ මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබු පුද්ගලයන් පස් දෙනෙකු ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය, මහාධිකරණය දුන් තීන්දුව අද (21) වැනිදා ස්ථිර කරනු ලැබුවා.
ධීවර යත්‍රාවකින් එකී මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කරමින් සිටියදී මාස ගනනාවක් පුරා සිදු කළ බුද්ධි විමර්ශනයකින් අනතුරුව නාවික හමුදා විසින් ගාල්ලට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී හෙරොයින් කිලෝ 224ක ප්‍රමාණයක් සමඟ එම විත්තිකරුවන් පස් දෙනා 2019 දී අත්අඩංගුවට ගෙන තිබුනි.
නඩුව විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා සාක්ෂි විභාගය කැඳවිමෙන් අනතුරුව එකී චෝදනා තුනටම විත්තිකරුවන් සියලුදෙනා වරදකරුවන් බවට නිගමනය කර 2023/09/27 දින මරණ දඬුවම නියම කළා.
එම තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අභියාචනා පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී රජයේ අධිනීතිඥ විශ්ව විජේසුරිය මහතා සමග පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නිතිඥ ෂනිල් කුලරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලු අභියාචනාධිකරණය මහාධිකරණ විනිසුරුවරයා ලාබා දුන් තීන්දුව ස්ථිර කරමින් අභියාචනා පෙත්සම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
W.රෝහන ප්‍රනාන්දු, ආර්.ඒ.ඇන්ටන් නිෂාන්ත, දුලාජ් රවිඳු, එල්. සුරංග, w.ජයමාල් යන විත්තිකරුවන් හට එලෙස මරණ දඬුවම නියම කර තිබෙනවා.
මහාධිකරණ විසින් ලබා දුන් වැඩිම හෙරොයින් ප්‍රමාණයක් සහිත ප්‍රථම නඩුවද මෙය වේ.
