හෙලිකොප්ටර් අනතුරෙන් දිවි ගලවා ගත් අය ගැන බලාපොරොත්තු නැහැ – ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය

හෙලිකොප්ටර් අනතුරෙන් දිවි ගලවා ගත් අය ගැන බලාපොරොත්තු නැහැ – ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය

හමුදා හෙලිකොප්ටර් අනතුරකින් දිවි ගලවා ගත් අය සොයා ගැනීමට තවදුරටත් බලාපොරොත්තුවක් නොමැති බව ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍යවරයා පවසනවා

පසුගිය සිකුරාදා රාත්‍රියේ ලින්ඩමන් දූපතට ඔබ්බෙන් බහුජාතික යුද අභ්‍යාසයක් අතරතුර මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

ඕස්ට්‍රේලියානු බලධාරීහු මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

හමුදා හෙලිකොප්ටර් අනතුරෙන් එහි සිටි කාර්යය මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු අතුරුදහන් වූ අතර,මේ වනවිට ඔවුන් මිය ගොස් ඇතැයි විශ්වාසය පළ කර තිබෙනවා.

යානයේ සිටි අතුරුදහන් වූ සොල්දාදුවන් හමුදාව විසින් හඳුනාගෙන ඇත්තේ කපිතාන් ඩැනියෙල් ලියොන්, ලුතිනන් මැක්ස්වෙල් නුජෙන්ට්, දෙවන පන්තියේ වරෙන්තු නිලධාරි ජෝසප් ලේකොක් සහ සීපීඑල් ඇලෙක්සැන්ඩර් නාග්ස් යනුවෙනුයි .

ඔවුන් සියල්ලෝම සිඩ්නි හි පිහිටි හයවන ගුවන් සේවා රෙජිමේන්තුවට අයත්වූවන් බවයි සඳහන් වන්නේ

Talisman Sabre පුහුණු අභ්‍යාසය සඳහා ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය සහ තවත් රටවල් කිහිපයක හමුදා භටයින් 30,000ක පමණ සහභාගී වී තිබෙනවා

ඒ අතරතුර දී සිදුකෙරුණු අභ්‍යාසවලදී මෙම හෙලිකොප්ටරය කඩා වැටී ඇති බවයි පැවසෙන්නේ

Share This