හෙළ සිනමාවේ නිළි රැජින මාලිනියගේ දේහය චිත්‍රපට සංස්ථාවට රැගෙන එයි

හෙළ සිනමාවේ නිළි රැජින මාලිනියගේ දේහය චිත්‍රපට සංස්ථාවට රැගෙන එයි

දිවි සැරිය නිම කළ හෙළ සිනමාවේ නිළි රැජින මාලිනි ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව වෙත රැගෙනවිත් තිබෙනවා.

දේහය අද (25) මහජන ගෞරව සඳහා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කර තැබෙන අතර හෙට දිනයේ නිදහස් චතුරස්‍ර මන්දිරයේදී ද මහජන ගෞරව දැක්වීමට අවස්ථාව සලසා දී ඇති බව සඳහන්.

කලක් රෝගාතුරව සිටී මාලිනි ෆොන්සේකා මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (24) අභාවප්‍රාප්ත වුණා.

මිය යන විට ඇය 78 වන වියෙහි පසුවුණා.

මාලිනි ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදුකිරීමට නියමිතයි.

 

Share This