හොංකොං නව ආරක්ෂක නීතිය යටතේ 6 දෙනෙකු අත්අඩංගුවට

හොංකොං නව ආරක්ෂක නීතිය යටතේ 6 දෙනෙකු අත්අඩංගුවට

හොංකොං හි නව ආරක්ෂක නීතිය යටතේ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, දේශද්‍රෝහීත්වය යන චෝදනාව යටතේයි.

පසුගිය අප්‍රේල් මාසයේ සිට නිර්නාමික සමාජ මාධ්‍ය පිටුවක ද්‍රෝහීත්වයෙන් යුතුව පණිවිඩ පළ කර ඇති බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 5 දෙනෙකු වන බව සඳහන්.

ඉන් එක් කාන්තාවක් මීට පෙර ද සිරගතව සිට නිදහස්ව සිට සමාජ ක්‍රියාකාරිනියක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This