හොරණ වෑන් – යතුරු පැදි ගැටුමෙන් එක් අයකුට ජීවිතය අහිමි වේ

හොරණ වෑන් – යතුරු පැදි ගැටුමෙන් එක් අයකුට ජීවිතය අහිමි වේ

අද පෙරවරු 6.00 පමණ හොරණ රෝහල හන්දිය අසලදී වෑන් රථයක් හා යතුරුපැදියක් මුහුණ ගැටීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් අයකු තුවාල ලබා හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ බැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචි ඔල්වින් ඉංද්‍රසිරි නමැති හැත්ත පස් හැවිදිරියේ පසුවන දෙදරු පියෙක්.

පොලීසිය පැවසුවේ මොරගහේන ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවකයින් ප්‍රවාහනය කරන වැන් රථයක් හොරණ ප්‍රදේශයේ සිට අඟුරුවාතොට ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී අඟුරුවාතොට දෙස සිට සිල් සමාදන්විම සදහා ප්‍රදේශයේ විහාරස්ථානයකට ගමන් කරමින් සිටි අඹු සැමි යුවලක් හොරණ රෝහල මංසන්ධියෙන් දකුණු පසට හැරීවීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

සිද්ධියෙන් පසු තුවාල ලැබු දෙදෙනාම හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පිරිමි පුද්ගලයා මියගොස් ඇති බව පොලිසිය පැවසුවා.

අනතුරින් පසුව වෑන් රථය මියගිය පුද්ගලයා සමග මීටර් 32 ක් පමණ දුරක් ඇදීගොස් ඇති අතර අනතුරට හේතුව වෑන් රථයේ අධික වේගය බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

පොලීසිය සදහන් කළේ වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි.

Share This