
හොරෙන් ගෙනා සිගරට් සහ විස්කි තොගයක් රේගු භාරයට
ගෘහ භාණ්ඩ සහ පුද්ගලික භාණ්ඩ ලෙස හගවා කාඩ්බෝඩ් පෙට්ටි තුල සගවා මෙරටට රැගෙන විත් තිබූ සිගරට් පෙට්ටි 1612 ක් සහ ලීටරයේ විස්කි බෝතල් 10 ක් රේගු භාරයට ගෙන තිබෙනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුග්ගොඩ මහතා පැවසුවේ පැකේජ 26 ක් අඩංගු තොගය ඩුබායි සිට වෙනම B/L අංක දෙකක් යටතේ මෙරටට එවා ඇති බවයි.
පැකේජ පරීක්ෂා කිරීමේදී, රෙදි සෝදන කුඩු පෙට්ටි තුළ විස්කි ලීටර් 10 සහ සිගරට් තොගය සැඟවීමට විශේෂයෙන් සාදන ලද ගෘහ භාණ්ඩ කොටස් තුළ සඟවා තිබූ බවයි.
සිගරට් තොගයේ වටිනාකම රු. 24,180,000/- වන අතර, විස්කි ලීටර් 10 ක වටිනාකම රු.180,000/- වේ. අනෙකුත් පුද්ගලික භාණ්ඩවල වටිනාකම රු.728,000/- ක් බව රේගු නිලධාරීවරයා පැවසුවා.
මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වූ අතර, විමර්ශන නිලධාරියා විසින් රු.119,207,000/- ක් (වටිනාකම + තීරුබදු) වටිනා මුළු තොගයම රාජසන්තක කිරීමට පියවර ගෙන තිබෙනවා.