හොල්මන් Make Up චීන උමං දුම්රියේ තහනම්

හොල්මන් Make Up චීන උමං දුම්රියේ තහනම්

චීනයේ උමං මාර්ගවල මගීන් දුම්රිය ස්ථානයට ඇතුළු වීමට පෙර බිය උපදවන Halloween Make Up ඉවත් කරගන්නා ලෙස දැනුම් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Halloween යනු ඔක්තෝබර් 31 වන දින සමරනු ලබන නිවාඩු දිනයක් වනවා.

එය බොහෝ විට අමෙරිකාව, කැනඩාව සහ ලෝකයේ තවත් බොහෝ රටවල සමරනු ලබන විශේෂ දිනයක්.

එය විවිධ සම්ප්‍රදායන් තුළ මුල් බැස ඇති අතර චීනය ඇතුළු ආසියානු රටවල් කිහිපයක නවීන සිදුවීමක් බවට පරිණාමය වී තිබෙනවා.

Halloween දිනයේදී චීන ජාතිකයන් විවිධ ඇඳුම්වලින් සැරසෙන අතර සමහර අය හොල්මන්, පිසාචයන් සහ මායාකාරියන් වැනි භයානක චරිත ලෙස සැරසීමට තෝරා ගනු ලබනවා.

ඒ නිසා Halloween චාරිත්‍ර පිළිබඳව නොදන්නා පුද්ගලයන් අතර ඇති වන අපහසුතාවයන් සමනය කිරීම සඳහා, ගිනිකොනදිග චීනයේ Guangdong පළාතේ Guangzhou හි එක් උමං දුම්රිය ස්ථානයක, Make Up ඉවත් කිරීම සඳහා නම් කරන ලද ප්‍රදේශයක් ස්ථාපිත කිරීම මගින් Halloween වේශ නිරූපණය පාලනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

The South China Morning Post පුවත්පත සඳහන් කරන්නේ චීන සමාජ මාධ්‍ය ජාලා තුළ #subwaysecurityrequirespassengerstoremovemakeup යන හැෂ් ටැගය හුවමාරු වෙමින් ඇති බවයි.

Share This