හොලිවුඩ් නළු නිළියන් අඛණ්ඩ වැඩ වර්ජනයක

හොලිවුඩ් නළු නිළියන් අඛණ්ඩ වැඩ වර්ජනයක

හොලිවුඩ් නළු නිළියන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අඛණ්ඩ වැඩ වර්ජනයකට සම්බන්ධ වන බව නිවේදනය කර තිබෙනවා

Screen Actors Guild-American Federation of Television and Radio Artists (SAG-AFTRA) හි සභාපති Fran Drescher ලොස් ඇන්ජලීස් හි පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබෙන්නේ හොලිවුඩ් නළුවන් නියෝජනය කරන සංගමය වර්ජනයකට යන බවයි.

රංගන ශිල්පීන් 160,000ක් පමණ මධ්‍යම රාත්‍රියේ වැඩ නතර කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

ඒ අනුව එක්සත් ජනපදයේ චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදනවලින් අතිමහත් බහුතරයක් නවතිනු ඇති බවයි වාර්තා වන්නේ

Cillian Murphy, Matt Damon සහ Emily Blunt යන ශිල්පින් ලන්ඩනයේ පැවති ක්‍රිස්ටෝපර් නෝලන්ගේ Oppenheimer හි මංගල දර්ශනයෙන් ඉවත්ව ගොස් වැඩ වර්ජනය ප්‍රකාශයට පත් කර තිබෙනවා

කෘත්‍රිම බුද්ධිය සහ පරිගණකයෙන් නිපදවන ලද මුහුණු සහ කටහඬ, නළුවන් වෙනුවට භාවිත නොකරන බවට සහතිකයක් ලබාදෙන ලෙස එම සංගමය ඉල්ලා සිටිනවා

වෘත්තීය සමිතියේ වැඩවර්ජනයට අදාළව එය රංගනය, ගායනය , නැටුම්,මෙම ක්ෂේත්‍රයට අදාළ සියළුම කාණ්ඩයන් අයත් වනු ඇති

SAG හි තවත් ඉල්ලීමක් වන්නේ නළුවන්ට වැඩි මූලික වැටුපක් ගෙවන ලෙසයි

මේ සම්බන්ධයෙන් ඩිස්නි ප්‍රධාන විධායක නිලධාරී Bob Iger පවසා ඇත්තේ නළුවන් සහ ලේඛකයින් යන දෙඅංශයේම ඉල්ලීම් ප්‍රායෝගික නොවන අතර Covid-19 හි බලපෑමෙන් තවමත් යථා තත්ත්වයට පත්වෙමින් පවතින කර්මාන්තයකට මෙම වර්ජනය හානිදායක වනු ඇති බවයි.

එමෙන්ම නිෂ්පාදනයේ පවතින චිත්‍රපට නවතිනු ඇති බවත් රූගත කිරීම් දැනටමත් අවසන් කර ඇති අවස්ථාවන්හිදී පවා, නැවත රූගත කිරීම් සහ චිත්‍රපට නිෂ්පාදන ක්‍රියාවලියේ අනෙකුත් අත්‍යවශ්‍ය අංග සඳහා නළු නිළියන් නොමැති වනු ඇති බවත් සඳහන්

තවමත් රූගත කෙරෙන රූපවාහිනී වැඩසටහන් ද නළු නිළියන් නොමැති වීම නිසා බොහෝ දුරට නතර කිරීමට සිදුවනු ඇති බවයි පැවසෙන්නේ

Share This