ළමාවිය අහිමි ළමයි (VIDEO)

ළමාවිය අහිමි ළමයි (VIDEO)

අදට යෙදුනු ලෝක ළමා දිනයේ දරුවන්ගේ ජීවිත සුන්දර කරන්නට බොහෝ දෙනෙක් කතා කරත් නිදහසේ ජිවත් විමටවත් නොහැකි දරු පිරිසක් අප සමාජයේ සිටිනවා.

තම මව දැන හෝ නොදැන කළ වැරදි නිසා ඔවුන් සමඟම සිරගෙය තුළ ජීවත්වීමට සිදුව ඇති දරුවන් පිරිසක් පිළිබදයි දරුවන් වෙනුවෙන් වෙන් වුණ දා අපි ඔබට මේ තොරතුරු ගෙන එන්නේ.

”ආදරෙන් සුරකින්න- අපිට ලොව දිනන්නට” මෙවර ලෝක ළමා දින තේමාවයි .

නමුත් ලොව දිනන්නට තියා නිදහසේ ලොව දකින්නටවත් වරම් නැති දරුවන් පිරිසක් අප සමාජයේ සිටිනවා .

වයස අවුරුදු 5ට අඩු දරුවන් 39 දෙනෙකු සිය මව්වරුන් සමග බන්ධනාගාර ගතව සිටින ඛේදජනක පුවත අපට අසන්නට ලැබෙන්නේ එවන් පසුබිමකයි .

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා සදහන් කළේ බන්ධනාගාර දහයක මෙම දරුවන් මව්වරුන් සමග රැඳී සිටින්නේ මව්වරුන්ගේ විවිධ වැරදි හේතුවෙන් බවයි.

Share This