ළමා අපචාර වළකන වගන්ති 2 ඉවත් කිරීමේ සූදානමක්

ළමා අපචාර වළකන වගන්ති 2 ඉවත් කිරීමේ සූදානමක්

දණ්ඩ නීති සංග්‍රහයට සංශෝදනයක් ගෙන ඒමට සූදානමක් පවතින බවට දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය චෝදනා කරනවා.

ඔවුන් පවසන ආකාරයට “දරුවන් ලිංගික අපයෝජන වලින් බේරාගැනීමට දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඇති අස්වාභාවික වැරදි පිලිබඳ 365 වන වගන්තිය සහ පුද්ගලයන් අතර බරපතළ අශෝබන ක්‍රියා පිලිබඳ සඳහන් වන 365ඒ වගන්තිය ඉවත් කරමින් දණ්ඩ නීති සංග්‍රහයට සංශෝදනයක් ගෙන ඒමට අධිකරණ ඇමතිවරයා කටයුතු කරමින් සිටිනවා”

ඒ අනුව අධිකරණ ඇමතිවරයා එම පියවර ගනිමින් සිටින බවටයි දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය චෝදනා කරන්නේ.

සංශෝදන පනතක් ලෙස එය ගෙන එන බවටයි දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය චෝදනා කරන්නේ.

මේ පිලිබඳ අදහස් දක්වමින් අධිකරණ ඇමතිවරයා හර්ෂණ නානායක්කාර මහතා පවසන්නේ , එම වගන්ති 2 සංශෝදනයට කිසිදු අදහසක් නොමැති බවයි.

Share This