ළමා ශ්‍රමිකයින් බිහිවීම ඛේදනීය ලෙස ඉහළට

ළමා ශ්‍රමිකයින් බිහිවීම ඛේදනීය ලෙස ඉහළට

දරුවන් පාසලෙන් ඉවත් කර රැකියාවලට ඇද දැමීම නිසා මිලියන සංඛ්‍යාත දරුවන්ගේ අනාගතය අවදානමට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ කම්කරු සංවිධානය පෙන්වා දෙනවා.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) අධ්‍යක්ෂ ජනරාල් Gilbert Houngbo පවසන්නේ ගෝලීය ආර්ථික ගැටලු මධ්‍යයේ ලොව පුරා කලාපවල පසුබෑමක් නිර්මාණය වී ඇති බවයි.

උද්ධමනය ඉහළ යාම සහ ඉන් පසුව ඇති වූ ජීවන වියදම සමග කොවිඩ් බලපෑම සංයුක්ත කිරීම නිසා එම තත්ත්වය වඩාත් නරක අතට හැරී ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් ක්‍රියා කර තීරණාත්මකව සහ ඉක්මනින් ක්‍රියා නොකරන්නේ නම්, ළමා ශ්‍රමිකයන් බහුල වීම වඩාත් නරක අතර හැරෙන ඇති බව එක්සත් ජාතීන්ගේ කම්කරු සංවිධානය පෙන්වා දෙනවා.

2020 මුල් භාගයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්පාදනය කරන ලද දත්තවලට අනුව ළමුන් මිලියන 160 ක් පමණ ළමා ශ්‍රමයට යටත් වන බවත්, එය අවසන් කිරීමට ගෝලීය ප්‍රගතිය වසර 20කට පසු පළමු වතාවට ඇණහිට ඇති බවත් සොයාගෙන තිබෙනවා.

ටෝගෝ හි හිටපු අගමැති Houngbo මහතා ප්‍රකාශ කළේ මුල් දත්ත අනුව මෙම ප්‍රවණතාවය දිගටම පවතින බවයි.

යුක්‍රේනයේ යුද්ධය හේතුවෙන් ඇති වූ ආහාර සහ බලශක්ති මිල ඉහළ යාමෙන් සමහර පවුල්වලට දිනකට එක ආහාර වේලක් ගැනීම හෝ නොකිරීම අතර වෙනස ඇති කර ඇති කර තිබෙනවා.

සමහර අවස්ථාවලදී මෙය ළමා ශ්‍රමිකයන් ඉහළ යාමට දක්වා හේතු වී ඇති අතර, එහිදී දෙමාපියන් තම පවුල නඩත්තු කිරීමට උපකාර කිරීම සඳහා තම දරුවන් ලිංගික රැකියාවට පවා යොමු කරන අවස්ථාද ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

එමෙන්ම අඩු මධ්‍යම සහ ඉහළ ආදායම් ලබන රටවල සහ කෘෂිකර්මය, පතල් කැණීම් සහ ඉදිකිරීම් ඇතුළු ක්ෂේත්‍රවල ළමා ශ්‍රමිකයන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව Houngbo මහතා පවසනවා.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF ) පවසන්නේ උද්ධමනය සහ ඉහළ යන ජීවන වියදම දරුවන්ට විවිධ ආකාරවලින් බලපාන බවයි .

එමෙන්ම ආර්ථිකය මුළුමනින්ම කඩා වැටී ඇති ලෙබනනයේ පවුල් 10කින් එකකට වඩා තම දරුවන් රැකියාවට යොමු කරන බව සඳහන්.

මෙම තත්ත්වය තවත් ඉහළ යාමට නොදී කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This