ෆිච් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණියක් ඉහළ දමයි

ෆිච් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණියක් ඉහළ දමයි

ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය-මුදල් නිකුතු ශ්‍රේණිය RD (Restricted Default) හෙවත් සීමිත පැහැරහැරීමේ මට්ටමේ සිට ‘CCC-‘ වෙත උසස් කිරීමට ෆිච් රේටින්ග්ස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය පියවර ගෙන තිබෙනවා.

මෙම උසස් කිරීම හරහා මහ බැංකුව 2023 ජූලි මාසයේදී දියත් කරන ලද ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රශස්ත කිරීමේ (DDO) සැලැස්මේ දේශීය මුදල් කොටස සම්පූර්ණ කිරීම පිළිබිඹු කරනු ඇති බවයි ෆිච් රේටින්ග්ස් ආයතනය සඳහන් කරන්නේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම IMF හි විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ඇති ඉලක්කවලට අනුකූලව, මධ්‍ය කාලීනව ශ්‍රී ලංකාවේ දළ මූල්‍ය අවශ්‍යතා අඩු කරනු ඇති අතර කාලයත් සමඟ රටේ ණය ප්‍රමිතික වැඩිදියුණු කිරීමට සහාය වනු ඇතැයි උපකල්පනය කරන බව එම ආයතනය පෙන්වාදෙනවා.

එමෙන්ම දේශීය මුදල් ප්‍රතිව්‍යුහගත කිරීම, බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන ප්‍රගතිය වේගවත් කළ හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ.

Share This