ෆීජි දූපත්වල ප්‍රබල භූකම්පනයක්

ෆීජි දූපත්වල ප්‍රබල භූකම්පනයක්

පැසිපික් සාගරයේ ෆීජි දූපත් රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.

රික්ටර් මාපක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය පොළොව මතුපිට සිට කිලෝමීටර 174ක් පමණ අභ්‍යන්තරයෙන් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එරට වේලාවෙන් අද (14) පෙරවරු 8.00ට පමණ මෙම භූකම්පනය හටගෙන තිබෙනවා.

භූකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බව සඳහන්.

Share This