10 දෙනෙක් මරු තුරුලට යැවූ ඉන්දියාවේ පාලම් අනතුර

10 දෙනෙක් මරු තුරුලට යැවූ ඉන්දියාවේ පාලම් අනතුර

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ වඩෝදර ප්‍රදේශයේ මහිසාගර් ගඟ හරහා ඉදිකර තිබූ පාලමක් කඩා වැටීමෙන් එම පාලම හරහා ගමන් ගත් වාහන ගඟට වැටීමෙන් දස දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වසර 40ක් පැරණි මෙම පාලමෙහි කොටසක් කඩා වැටීමත් සමග ට්‍රක් රථ දෙකක්, මෝටර් රථයක් ඇතුළු වාහන 4ක් ගඟට වැටී ඇත.

එහිදී පුද්ගලයින් පස්දෙනෙකු දිවි බේරාගෙන ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර තවත් පිරිසක් අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

එරට පොලීසිය සඳහන් කළේ ගලවා ගැනීමේ සහ සෝදිසි කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවය.

පාලම කඩාවැටීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තාක්ෂණික විශේෂඥයින් පිරිසක් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පාලම කඩා වැටීමෙන් මියගිය සෑම අයකුගේම ළඟම ඥාතීන්ට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය X සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කරල අතර ඒ සම්බන්ධයෙන් බලවත් කනගාටුව ද ප්‍රකාශ කර සිටී.

Share This