
14 වන ජාතික රණවිරු සැමරුම අභිමානවත්ව සමරයි (PHOTOS)
ජාතික රණවිරු සැමරුම් උත්සවය සේනාධිනායක ජනාධිපති රනිල් වික්රමසිංහ සහ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් අද (19) පස්වරුවේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී අභිමානවත්ව අයුරින් පැවැත්වුණා.
දශක තුනක කාලයක් පැවති එල්.ටී.ටී.ඊ ත්රස්තවාදය පරාජය කර වීරෝධාර රණවිරුවන් අත්කරගත් යුද විජයග්රහණයට අදට වසර 14ක් සපිරෙනවා.
එහිදී යුද, ගුවන්, නාවික, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකායේ වීරෝධාර රණවිරුවන් 28,619 දෙනෙක් මව්බිමේ නිදහස වෙනුවෙන් දිවි පිදූ අතර ආබාධිත වූ රණවිරුවන් 27,000කට අධිකයි
එම උත්සවයේ දී දිවි පිදු රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිහඬතාවක් ද පැවැත්වුණා.