
15% සේවා අපනයන බද්ද මෙරට ඩිජිටල් ආර්ථිකය අඩපණ කරවන්නක් -විපක්ෂ නායක
15% සේවා අපනයන බද්ද ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය අඩපණ කර එම ක්ෂේත්‍රයේ නියුතු නිපුණයන් සිය රට අත්හැර යාමට හේතුවක් වනු ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
තොරතුරු තාක්ෂණ අංශයේ නිදහස් සේවකයන් සහ සේවා අපනයනකරුවන් විසින් අත්‍යවශ්‍ය විදේශ විනිමය ගෙන එනු ලබන අතර ඔවුන්ට බදු පැනවීම හරහා ආර්ථික වර්ධනය, ආයෝජන සහ නවෝත්පාදනය අධෛර්යමත් කිරීම සිදුවන බවයි ඔහු පෙන්වාදෙන්නේ.
ශ්‍රී ලංකාව තුළින් සිදු කෙරෙන අපනයන වර්ධනය කළ යුතුව පවත්නා අවස්ථාවක දිගු කාලීනව අප රටේ ආර්ථිකයට හානි සිදු කරමින් ගෙන ඇති මෙම පියවර හරහා නිපුණ පිරිස් විදේශගත කරවනු ඇති බව විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.
ඩොලර් උපයන්නන්ට බදු පැනවීම වෙනුවට රජය දිගුකාලීන ආදායම, ආයෝජන, නිපුණතා සහ කර්මාන්ත සංවර්ධනය වැඩි වර්ධනය කරනු පිණිස ඔවුන්ට දිරිගැන්වීම් ලබා දී සහාය විය යුතු බවයි සජිත් ප්‍රේමදාස මහතා පෙන්වාදෙන්නේ.