මීට වසර දෙකකට පෙර මගේ නිවස ගිනිබත් කළ අවස්ථාවේ නිවසක වටිනාකම තදින් දැනුණා -ජනපති රනිල්- (VEDIO)
මීට වසර දෙකකට පෙර තම නිවස ගිනි තබා විනාශ කළ අවස්ථාවේ නිවසක වටිනාකම තමාට තදින් දැණුන බවත්, එම වටිනාකම හඳුනාගනිමින් කොළඹ නගරයේ මහල් නිවාසවල ජිවත්වන ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල පූර්ණ අයිතිය හිමිකර දීමේ වැඩසටහන ක්රියාවට නැංවූ බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ “රන්දොර උරුමය” වැඩසටහනේ පළමු අදියර යටතේ නිවාස 50,000ක අයිතිය ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
කොළඹ දිස්ත්රික්කයේ මහල් නිවාස සංකීර්ණ 13 පිහිටි නිවාස 130ක හිමිකාරීත්වය ප්රදානය කිරීම මෙහිදී සිදු කෙරුණු බව සඳහන්.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව 2024 අයවැය යෝජනා මඟින් ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන සහ මහල් නිවාසවල ජීවත්වන ජනතාව සඳහා එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ වැඩසටහන ක්රියාවට නැංවෙන බවයි වාර්තා වන්නේ.