බදුල්ලේ මාරක රිය අනතුරේ රියදුරුගේ බලපත්‍රය මාස පහකට අත්හිටවපු රියදුරු බලපත්‍රයක්

බදුල්ලේ මාරක රිය අනතුරේ රියදුරුගේ බලපත්‍රය මාස පහකට අත්හිටවපු රියදුරු බලපත්‍රයක්

බදුල්ලේ සිදුවූ මාරක රිය අනතුරේ බස් රථය ධාවනය කළ රියදුරුගේ බලපත්‍රය බීමත්ව රිය පැදවීම හේතුවෙන් මාස 05කට අත්හිටුවා ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

ඒ අනුව මෙම රියදුරු ගාල්ල අක්මීමන පොලිස් වසමේ ලබුදූව ප්‍රදේශයේදී ඉකුත් අගෝස්තු 04 වනදා බීමත්ව බස් රථයක් පදවා යතුරුපැදියක් අනතුරට ලක් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අගෝස්තු 06 දින ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 55000ක දඩයක් නියම කර රියදුරු බලපත්‍රය මාස පහට අත්හිටුවා ඇති බව අද (05) අධිකරණයේදී අනාවරණය වී ඇති බව සඳහන්.

මෙම අනතුර සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය විසින් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් මගින් අද (05) මෙම කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

උඩුගම දාම්මල ප්‍රදේශයේ පදිංචි රියදුරු විසින් සිය රියදුරු බලපත්‍රය අත්හිටුවීමෙන් පසු හිනිදුම පොලිසියේ සිය රියදුරු බලපත්‍රය අස්ථානගත වූ බවට පැමිණිලි කර වෙනත් රියදුරු බලපත්‍රයක් ලබාගෙන ඇති බවත් ඉකුත්දා බදුල්ලේ සිදුවූ මාරක රිය අනතුරින් පසු ඔහු සන්තකයේ එම රියදුරු පත්‍රය තිබී ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය අධිකරණයට පවසා තිබෙනවා.

මෙම කරුණු සැලකිල්ලට ගත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි ගමගේ මහත්මිය අදාළ රියදුරු බලපත්‍රය එහි රියදුරුට මුදා නොහැර තාවකාලිකව අධිකරණ භාරයේ රඳවා තබන ලෙස නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

Share This