2022 ඖෂධ හිගයක් ගැන හෙළි දරව්වක් කළ වෛද්‍ය පාලිතට අමාත්‍යාංශයෙන් විනය පරීක්ෂණයක් (VIDEO)

2022 ඖෂධ හිගයක් ගැන හෙළි දරව්වක් කළ වෛද්‍ය පාලිතට අමාත්‍යාංශයෙන් විනය පරීක්ෂණයක් (VIDEO)

ඖෂධ හිඟය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී කරුණු අනාවරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කෙරෙනවා.

ඒ අනුව අදාළ විනය පරීක්ෂණයට මුහුණදීම සඳහා ඔහු අද බදුල්ල ශික්ෂණ රෝහල වෙත පැමිණියා.

2022 වසරේදී බදුල්ල ශික්ෂණ රෝහල ඇතුළුව ඌව පළාතේ අනෙකුත් රෝහල්වල පැවති ඖෂධ හිඟය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා කරුණු අනාවරණය කර තිබුණා.

ඔහුට එරෙහිව අමාත්‍යංශ මට්ටමින් විනය පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ මේ හේතුවෙන්.

ඒ අනුව එම විනය පරීක්ෂණය සඳහා කරුණු දැක්වීමට අද දිනයේදීත් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා බදුල්ල ශික්ෂණ රෝහල වෙත පැමිණ සිටියා.

Share This