2023,2024 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ගැන දැනුම්දීමක්

2023,2024 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ගැන දැනුම්දීමක්

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2023,2024 පාසල් අයඳුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා

ඒ අනුව විභාගය සඳහා අයඳුම්පත් කැඳවීම පසුගිය 12 වන දින සිට 2ලබන 29 වන දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරන බවයි නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ

සියලුම අයදුම්කරුවන් තමන්ගේ විදුහල්පති, පාසල් ප්‍රධානීන් මඟින් අයදුම්පත් යොමු කිරීම කළ යුතු වනවා

එමෙන්ම විදුහල්පතිවරුන්, පෞද්ගලික පාසල් ප්‍රධානීන් විසින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic දෙපාර්තමේන්තු නිල ජංගම දුරකථන යෙදවුම ‘DOE’වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා නිවැරදිව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් අයදුම්පත්‍ර යොමු කළ යුතුයි

අයදුම්කරුවන්ට පෞද්ගලිකව අයදුම් කළ නොහැකි අතර උක්ත විභාගය සඳහා රජයේ හා පෞද්ගලික පාසල් විදුහල්පතිවරුන් වෙත දැනටමත් ලබාදී ඇති පරිශීලක නාම හා මුරපද භාවිතයෙන් අයදුම් කළ යුතු වනවා

ඉන් අනතුරුව එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවක දී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබාගත යුතුයි .

මෙම විභාගය සඳහා අයදුම්පත් යොමු කළ හැක්කේ 2023 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගයට පළමුවර පෙනී සිටි 2023 පැවති GIT විභාගය සඳහා අයදුම් කිරීමට නොහැකි වූ සිසුන්ට 2023 වර්ෂයේ දී 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන්ට හා 2024 12 ශ්‍රේණීයේ ඉගෙනුම ලබන සිසුන්ට පමණක් වන අතර දත්ත පද්ධතියට ඇතුළත් කර ඇති වර්ෂ අතරින් සිසුන්ගේ අදාළ වර්ෂය තෝරා ගත යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ

පෞද්ගලික පාසල් සිසුන්ගේ සියලුම තොරතුරු ඒ ඒ වර්ෂ අනුව දත්ත පද්ධතියට ඇතුළත් කිරීමෙන් පසුව ගාස්තු ගෙවීම් කළ යුතු වනවා

මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැනගැනීම සදහා 1911, 0112 786 616 , 0112 784 537 හෝ 0112 784 208 ඇමතිය හැකියි

 

Share This