
2024 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීම ලබන මාසයේ
2024 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමේ අවසන් තරග මාර්තු 1 සිට 3 දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පවසනවා.
මෙවර ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි ප්‍රථම වතාවට පැවැත්වෙන අතර ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දොළහත් පහළොවත් අතර ප්‍රමාණයක් ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා පවසන්නේ.
ආසියානු ශූරතාවලිය සඳහා ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුදුසුකම් ලබා ගත හැක්කේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය මෙහෙයවන මේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියෙන් පමණයි.
විදේශයකින් නම් ලෝක මලල ක්‍රීඩා සම්මේලනය හෝ ජවන හා පිටිය සංඛ්‍යාලේඛනඥයින්ගේ ජාත්‍යන්තර සංගමය පිළිගත් දක්ෂතා මතද මීට සුදුසුකම් ලබා ගත හැකි බව ආයතනය නිවේදනය කරනවා.
