2024 ක්‍රිකට් ලෝක කුසලාන 19න් පහළ තරගාවලිය ජනවාරි 13 වනදා සිට ශ්‍රී ලංකාවේදී

2024 ක්‍රිකට් ලෝක කුසලාන 19න් පහළ තරගාවලිය ජනවාරි 13 වනදා සිට ශ්‍රී ලංකාවේදී

2024 ජනවාරි 13 වනදා පිරිමි 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය ආරම්භ කිරීමට නියමිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසනවා.

2006 වසරෙන් පසු ප්‍රථම වරට ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත තරු දිවයිනට පිළිගැනීමට සත්කාරක ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වීමද විශේෂත්වයක්.

තරග 41කින් සමන්විත මෙම තරගාවලිය දින 23ක් පුරා ක්‍රීඩාංගණ පහකදී කොළඹදී පැවැත්වෙනවා.

ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගාවලියේ ආරම්භක තරගය, අවසන් පූර්ව තරග ජනවාරි 30 සහ පෙබරවාරි 1 වැනිදා, අවසන් මහා තරගය පෙබරවාරි 4 වැනිදා පැවැත්වෙනවා.

එමෙන්ම සෙසු තරග පැවැත්වෙන්නේ P. Sara Oval, Colombo Cricket Club, Nondescripts Cricket Club, Singhalese Sports Club යන ක්‍රීඩාංගනවලදියි.

ඒ අනුව ආරම්භක දිනයේ තරග තුනක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළමු තරගය සත්කාරක ශ්‍රී ලංකාව සිම්බාබ්වේ අතර ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

2022 අවසන් තරගකරුවන් වන එංගලන්තය ස්කොට්ලන්තය සමග Colombo Cricket Clubහිදී තරග වදින අතර නවසීලන්තය නේපාලයට එරෙහිව P. Sara Oval ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතයි.

කාණ්ඩ ලයිස්තුගත කිරීම්වලදී, ඉන්දියාව සමග බංග්ලාදේශය, අයර්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය A කාණ්ඩයෙන් එක් වී තිබෙනවා.

B කාණ්ඩය සමන්විත වන්නේ එංගලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ ස්කොට්ලන්තයයි.

C කාණ්ඩයෙන් ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව ඇතුළත් වන අතර D කාණ්ඩය ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය, නවසීලන්තය සහ නේපාලයෙන් සමන්විත වනවා.

2006 වසරෙන් පසු පළමු වරට ශ්‍රී ලංකාවට තරඟය නැවතත් පැමිණීම දැකීමට ලැබීම ගැනසතුටට පත්වන බව ICC ප්‍රධානී Chris Tetley නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

“විරාත් කෝලි, ස්ටීව් ස්මිත්, කේන් විලියම්සන් සහ ඇන්ජලෝ මැතිව්ස් යන දැවැන්ත ක්‍රීඩකයින් මෙම තරගාලියෙන් ලෝක වේදිකාවට පිවිසි අතර මේ තරගවලියෙනුත් එවැනි ක්‍රීඩකයින් බිහිවනු ඇති බවට ඔහු විශ්වාස කරන බවද සඳහන්.

තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පවසන්නේ , “ශ්‍රී ලංකාව දැඩි ලෙස ක්‍රිකට් වලට ආදරය කරන රසිකයින් සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර දින 23ක් පුරාවට ලෝකයේ වඩාත්ම බලාපොරොත්තු සහගත යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු නැරඹීමට ඔවුන්ට අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බවයි.

තරගාවලියේ කාලසටහන පහතින්.

Share This