2024 ජනවරම යනු වංචා දූෂණය පිටුදැකීම වෙනුවෙන් ලබා දුන් ජනවරමක්
කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් ඒවා හොබ වන පුද්ගලයින් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ “2024 ජාත්‍යන්තර දූෂණ විරෝධී දින ජාතික සැමරුම” වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ අද (09) පැවැති උත්සවයකට එක්වෙමින්
ජනතාව විසින් උත්පාදනය කර ඇති බලය භාවිත කර ජනතාවට යුක්තිය ඉටු නොකරන්නේ නම් එම බලය ඵලක් නොවන බව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා
එමෙන්ම ශ්‍රී ලංකාවේ අල්ලස හා දූෂණය වැළැක්වීම සම්බන්ධයෙන් අවශ්‍ය තරම් නීති සහ ආයතන පැවතුණත් එම නීතිය භාවිත කර අල්ලස් හෝ දූෂණය වළක්වාලීමට කටයුතු කර තිබෙන බව තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසීමක් කළ යුතු බවද ජනාධිපතිවරයා කියා සිටියා